• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

විශේෂ සහනාධාර වැඩසටහන

වැලිගම කොළ මැලවීමේ සහ කුණු වීමේ රෝග පාලන වැඩසටහන

වැලිගම හිටු මැරීමේ සහ කොළ කුණු වීමේ රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වුයේ වැලිගම ප්‍රදේශයෙන් වන අතර දැන් එය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ‍ීය ලේකම් කාර්යාල 04ක සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළුව දකුණු පළාතේ මුළු මාතර, ගාල්ල, සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පැතිර තිබේ. පර්යේෂණ ආයතනයේ සොයා ගැනීම් අනුව මෙය ශාකප්ලාස්මීය රෝගයක් ලෙස හඳුනාගෙන ඇති අතර වසංගත රෝගයක් ලෙස සැලකෙන විනාශකාරී බලපෑම් සඳහා කිසිදු පුර්ව ආරක්ෂණ ක්‍රමයක් හෝ හේතු නොමැත.

ශ්‍රී ලංකාවේ සමස්ත පොල් වගාව වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීමට පිණිස පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය යන ආයතන දෙකම පොල් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව කටයුතු කරයි.

මේ සඳහා ගෙන ඇති පළමු වැදගත් පුර්ව ආරක්ෂණ උපායමාර්ගය වනුයේ රෝගයේ බලපෑමට ලක් වු ප්‍රදේශ හුදකලා කර අකුරැස්ස/හක්මන හරහා ගාල්ල සිට තංගල්ල දක්වා කි.මී 3ක් දිග සහ කි.මී 88.4ක් පළල රෝගයෙන් තොර කලාපයක් හඳුන්වා දී රෝගය බෝ වීම පාලනය කිරීම සඳහා විසඳුමක් සෙවීමය. සීමාවේ තිබෙන රෝගයේ බලපෑමට ලක් වු බවට හඳුනා ගන්නා පැළ දිගින් දිගටම ඉවත් කෙරේ. පොල් වගා කිරිමේ නිලධාරින්ගේ බලය ලබා දීම යටතේ බලපෑමට ලක් වු පොල් පැළ ඉවත් කිරීම සඳහා වගාකරුවන්ට වන්දි ගෙවනු ලැබේ.

ලබා දෙන සහාය

රෝගයේ බලපෑමට ලක් වු පැළ ඉවත් කිරීම සඳහා, පැලයකට රුපි. 2000/-ක් දක්වා වු සහනාධාරයක් මණ්ඩලය ලබා දේ.