• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

පොල් වගාවට උචිත ජල සම්පාදන ක්‍රම

  • බේසම් ජල සම්පාදනය (50%-70%)
  • කළ මඟින් කරනු ලබන ජල සම්පාදනය (60%-70%)
  • නල ජල සම්පාදනය (75%-85%)
  • කාන්දු ජල සම්පාදනය >95%
  • ග්‍රිඩ්ල් ජල සම්පාදනය (75%-80%)
  • විසුරුම් ජල සම්පාදනය (60%-70%)

බේසම් ජල සම්පාදනය

බේසම් ජල සම්පාදනයබේසම් ජල සම්පාදනය
පොල් ගසේ මුල කාල‍පය ආවරණය වන පරිදි ගැඹුර සෙ.මි. 10 ක් පමණ වන බේසම් පොල් ගස වටා සාදනු ලැබේ. කුඩා කානු මඟින් මෙම බේසම් සම්බන්ධ කර මෙම කානු ඔස්සේ එක් එක් පොල් ගසට ජලය සම්පාදනය කරනු ලැබේ.

සමතලා හෝ අක්‍රමවත් බෑවුම් සහිත ඉඩම්වලට මෙන්ම වැලි පස සහිත ඉඩම්වලට නුසුදුසු වීම

මෙම ක්‍රමය මඟින් නිශ්චය කරන ලද ජල ප්‍රමාණයක් පොල් ගසට සැපයීමට අපහසුය.

කල මගින් ජල සම්පාදනය

කළ මගින් ජල සම්පාදනයවියළි සහ අතරමැදි කලාපයේ වියළි කාලයේ දි පොල් පැල ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙම ක්‍රමය සුදුසුය. එහෙත් මෙම ක්‍රමය වැඩුනු පොල් ගසට ජලය සම්පාදනය සඳහා සුදුසු නොවේ. මෙවැනි ක්‍රමයක් සකස් කිරිම සඳහා පොල් පැලයකට රු. 250/- ක් පමණ වැය වේ.

  • ලීටර් 15 - 20 ධාරිතාවයෙන් යුත් මැටි කල දෙකක් පතුලේ කුඩා සිදුරක් ඇති කර එම සිදුරෙන් අඩි 2 ක පමණ දිග ළණුවක් ඇතුල් කරන්න
  • කලයේ එක් පැත්තක ලැකර් වැනි ද්‍රව්‍යයක් ආලේප කරන්න
  • කලයේ කට පොළවෙන් ඉහළට විවෘතව තබා පොල් පැලය දෙපසින් මිටර් 0.7 ක් දුරින් සිටින සේ කල දෙක වලළන්න
  • ඉන්පසුව මැටි කලය ජලයෙන් පුරවා වසා තබන්න (වියලි කාලයේ දි නම් සතියකට දෙවරක් කලය ජලයෙන් පිරවිය යුතුය)

මෙම ක්‍රමය බහුලව භාවිතා වුවද ශාකයට ජලය ගලායාම ඉතා සෙමින් සිදුවෙ. එමනිසා වැඩිහිටි ගස් සදහා මෙය එතරම් සුදුසු නොවේ.

නළ ජල සම්පාදනය

නල ජල සම්පාදනයශ්‍රී ලංකාවේ පොල් වගාව සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ජල සම්පාදන ක්‍රමයකි. ඉඩමේ සවිකර ඇති පි.වි.සි. නළ පද්ධතියට සම්බන්ධ හෝස් නළ මඟින් පොල් ගසට ජලය සැපයීම සිදු කරයි. නළ පද්ධතිය පොළව යට වලලා ඇති බැවින් පොල් ඉඩමේ වල් නෙලිම, ගෙඩි කැඩිම යනාදි කටයුතු බාධාවක් තොරව සිදු කළ හැක. එලසම පද්ධතියේ ප්‍රධාන වෙනස් කිරීමක් සිදු නොකර අතුරු වගාව සඳහා ද ජලය සම්පදානයට පහසුකම් සපයා ගත හැක. සාමාන්‍යයෙන් අක්කරයක පොල් ඉඩමක් සඳහා මෙවැනි පද්ධතියක් සකස් කිරීමට රු. 20,000/- ක් - රු. 25,000/- ක් පමණ මුදලක් වැය වේ.

හෝස් වාරිමාර්ග පද්ධතියක් අක්කරයකට Rs: 20000-25000 ක වියදමින් සිදු කළ හැක.

බිංදු ජල සම්පාදනය

බිංදු ජල සම්පාදනය මෙම පද්ධතිය මගින් පොල් ගසේ මුල් විහිදි ඇති සීමාවට පමණක් ජලය නිශ්චිත ප්‍රමාණයක් සැපයීමට හැකියාව පවතී

  • අවම ජල ප්‍රමාණයකින් පොල් ගසට ප්‍රමාණවත් පරිදි ජලය සැපයිය හැක.
  • ජල පද්ධතිය මඟින් පොල් ගසට පොහොර සැපයීමේ හැකියාව
  • කම්කරු ශ්‍රම අවශ්‍යතාවය අවම වීම
  • සරළ වෙනස්කම් තුලින් අතුරුබෝග වගවටද මෙමගින් ජලය සැපයිය හැක.

මෙවැනි පද්ධතියක් ස්ථාපිත කිරිම සඳහා කිරීමට රු. 30,000/- රු.45,000/- ක් පමණ වැය වන අතර නඩත්තුව සඳහා තාක්‍ෂණික දැනුම අවශ්‍ය වේ

ග්‍රිඩ්ල් ජල සම්පාදනය

ගාර්ඩ්ල් ජල සම්පාදනයග්‍රිඩ්ල් ජල සම්පාදනයනළ පද්ධතිය හා අනිකුත් උපාංග ස්ථාපිත කිරිම බොහෝවිට බිංදු ජල සම්පාදන පද්ධතියට සමාන වේ. මෙය බිංදු ජල සම්පාදන පද්ධතියෙන් වෙනස් වනුයේ පොල් ගසේ පාමුල වටා පොලි එතිලින්වලින් සැදු වලක් ඩ්‍රිපර් පිහිටා ඇත. ඒ අනුව පොල් ගසේ කඳ වටා ජලය සැපයීම කළ හැක.

විසුරුම් ජල සම්පාදන පද්ධතිය

විසුරුම් ජල සම්පාදන පද්ධතියමෙහිදි පොල් ගස් වෙත වෙනම ජල සම්පාදනය නොකරයි. සම්පුර්ණ පොලව මතුපිටට තෙත් කරයි. ජල හානිය සාපේක්‍ෂව වැඩියි.