• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩ සටහන්

කප්රුක සමිති පිහිටුවීම.

ප්‍රාථමික, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික යන මට්ටම් සඳහා කප්රුක සමිති පිහිටුවීම කරනු ලබන අතර මෙම සමිති ග්‍රාම නිලධාරී වසර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දිස්ත්‍රික්කය හා ජාතික මට්ටම් යන ස්ථරයන්ට කේන්ද්‍රගත වේ. පොල් කර්මාන්තය ආශ්‍රිතව ඒකරාශී වී ඇති සියළු දෙනාගේ ආදායම් වැඩි කරමින් ඔවුන් ගේ හා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණවේ.
Kapruka Societies

කප්රුක වගා වැඩසටහන

හඳුනාගත් කප්රුක පුරවර තුල ප්‍රශස්ත මට්ටමේ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණවේ. මෙහිදී පොල් නව වගා, යටි වගා කිරීම් පොල් වගාවේ පාළු සිටුවීම වගා සහ ඊට අමතරව ආදර්ශ පොල් උයන් හා තවාන් යනාදි වශයෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ප්‍රදේශයේ පොල් පැළ අවශ්‍යතාවය ප්‍රදේශයේ ඇතිකරන මෙම පොල් පැළ තවාන් අතුරෙන් සපුරා ගැනීමට අපේක්ෂිතය.
Kapruka Planting Program

කප්රුක නිෂ්පාදන ප්‍රවර්ධන

නිෂ්පාදකයින් දිරිගැන්වීම , නව නිෂ්පාදන හඳුන්වාදීම, නිෂ්පාදන වල අගය එකතු කිරීම මෙන්ම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත සියළු අමුද්‍රව්‍ය භාවිතයට ගැනීම හා ආදායම වැඩි කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ.
Cocnut Products Cocnut Products

කප්රුක රැකියා උත්පාදනය

දැනට පොල් ආශ්‍රිතව රැකියා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ දමමින් නව ස්වයං රැකියා අවස්ථා ඇති කිරිම හා දැනටමත් කරගෙන යන ස්වයං රැකියා සඳහා පිළිගැනීමක් ඇති කරමින් ඔවුන් ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම මෙම වැඩ සටහනේ අරමුණවේ.
Coconut Jobs

කප්රුක පර්යේෂණ හා තොරතුරු ජාලය

පොල් කර්මාන්තය ආශ්‍රිතව පර්යේෂණ ඇසුරෙන් සොයා ගන්නා නව දැනුම ක්ෂේත්‍රයට ලබාදීම හා නව තාක්ෂණික දැනුම වගාව හා කර්මාන්ත සංවර්ධනය සඳහා යොදා ගැනීමත් , පොල් ආශ්‍රිත මානව සම්පත හා භෞතික සම්පත පිළිබඳව තොරතුරු ජාලගත කිරීම මේ මගින් ඉටු කෙරේ.

කප්රුක අරමුදල

පොල් ආශ්‍රිතව කර්මාන්තවල හා වගා කටයුතුවල නියැලෙන පිරිස් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීම මෙමගින් සිදු කෙරේ.

කප්රුක රක්ෂණය

පොල් ආශ්‍රිතව විවිධ ස්වභාවයේ රැකියාවල භා ව්‍යාපාර, කර්මාන්ත නිෂ්පාදන කටයුතුවල නියැලෙන අයවලුන් හට ඉදිරි අවධානය යොමු කරනු වස් රක්ෂණ ක්‍රමයකට දායකත්වය සැලසීම මේ යටතේ අපේක්ෂා කෙරේ.

කප්රුක ණය යෝජනා ක්‍රමය

කප්රුකපුරවර තුළ පොල් ආශ්‍රිතව විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක සඳහා මූල්‍ය පහසුකම් සලසනු වස් බැංකු ජාලය හරහා ණය සැපයීම මෙමගින් අපේක්ෂා කෙරේ.

කප්රුක අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන

පොල් ආශ්‍රිතව ඇති විවිධ නිෂ්පාදන සඳහා යහපත් වෙළඳපොළක් සලසනු වස් නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ නව වෙළඳ පොළ අවස්ථා දේශීයව සොයා බැලීම හා සම්බන්ධ කිරීමත් ප්‍රාදේශීය වශයෙන් අලෙවි සැල් ස්ථාපිත කිරීමත් ඒවා ජාතික මට්ටමින් පාලනය කර ජාතික අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.

කප්රුක සහනාධාර වැඩ සටහන

කප්රුක පුරවර තුළ තම වගාවන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතා හා සුදුසුකම් සපුරාලන අයවලුන් වෙත සහනාධාර පදනමක් මගින් පුනරුත්ථාපන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

කප්රුක සංචාරක ප්‍රවර්ධනය

මහින්ද චින්තන ඉදිරි දැක්ම තුල අඩංගු කෘෂි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතෙහිලා පොල් වගාව ආශ්‍රිතව සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම හා එමගින් අතිරේක ආදායම් මාර්ග උත්පාදනය තුලින් පොල් කර්මාන්තයේ ප්‍රවර්ධනයන් ඇති කිරීම හා පොල් සංස්කෘතියක් බිහිකිරීම මෙමගින් අරමුණු කෙ‍රේ.
Coconut Tourism