• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

අතුරු බෝග සහ සත්ත්ව පාලනය

පොල් වගාව බහු වාර්ශික බෝගයක් වන අතර භුමියේ වූ පසෙන් 25% පමණක් භාවිතයට ගනී. පොල් ගසේ මූල පද්ධතිය සැලකීමේදී ගසේ පාමුල සිට උපරිම 2 මීටර් දුරකට මූල මණ්ඩලය පැතිරෙන අතර බොහොමයක් මුල් පසේ ගැඹුර මීටර් එකක් පමණ වන උසක පැතිරී ඇත.

මේ අනුව පොල් ඉඩමක පවතින භූමියෙන් වැඩි ප්‍රමාණයක් වෙනත් බෝගයක් වගාකල හැකි තත්වයක ඇත. එලෙස පොල් සමග වෙනත් බෝගයක් වගා කිරීම පොල් යටතේ අතුරු වගාව සිදු කරන්නේ යයි කියනු ලැබේ.

Coconut plantsපොල් වගාකල ඉඩමක අතුරු බෝග වගාකිරීම හෝ සත්ව පාලනය සිදු කිරීම මගින් භූමි පරිභෝජනය ඵලදායිකත්වයකට පත් කරනවා පමණක් නොව එමගින් අමතර වාසි රැසක් ද අත්කර ගත හැක.

අතුරු බෝග තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු.

  • කෘෂි දේශගුණික කලාපය (තෙත් කලාපය, අතරමැදි කලාපය හා වියළි කලාපය).
  • පොල් වගාවෙහි වයස. තුළත් ඉන් පසුව පොල් වගාවෙ වයස අවු 25 පසුවත් අතුරු බොග වගා කල හෑකිය.
  • ප්‍රදෙශයේ පවතින වෙළඳපොල තත්වය.
  • ප්‍රදෙශයේ ලබාගත හැකි රෝපණ ද්‍රව්‍යය.

පොල් යටතේ අතුරු බෝග වගාව සඳහා පොදු උපදෙස් මාලාවක්

Inter cropping 01Inter cropping 02Inter cropping 03

  • අතුරු බෝග සඳහා ප්‍රමාණවත් හිරු එළිය තිබියයුතුයි.
  • පොල් හා අතුරුබෝග අතර තෙතමනය සඳහා කිසිදු තරඟයක් ඇති නොවිය යුතුයි.
  • පොල් සහ අතුරුබෝග යන දෙවර්ගයටම පොහොර යෙදිය යුතුයි.
  • කෘෂි දේශගුනික කලපයන් හා පොල් වගාවෙ වයස අනුව උච්ත බෝග තෝරා ගත යුතුයි.

අතුරු බෝග වගාවෙ ශෂය විද්‍යාත්මක හා සමාජ-ආර්ථික වාසි

  • ඉඩම් පරිහරණ කාර්යක්ෂමතාව වැඩි කිරීම.
  • කාබනික ද්‍රව්‍යය එකතුව්මෙන් පාංශු සරු බව වැඩි වීම.
  • පාංශු ඛාදනය හා උෂ්ණත්වය අඩු කිරීම.
  • අතිරේක ආදායම් ලබා දීම.
  • කෘෂිකාර්මික අවදානම හා අවිනිශ්චිතභාවය අඩු කිරීම.
  • රැකියා අවස්ථා වැඩි කිරීම.
  • පොල් වගාව තුල ක්ෂුද්‍ර පරිසරය යහපත් කිරිම.
පොල් වගාවේ වයස වාර්ෂික ද්වි වාර්ෂික බහු වාර්ෂික
අවුරුදු 0 – 5 දක්වා ඉඟුරු,කහ,ධාන්‍ය, අලබෝග , මිරිස්, එළවළු අන්නාසි, වැල්දොඩම්,කෙසෙල්, ගස්ලබු
අවුරුදු 25 - 45 අල වර්ග, ඉඟුරු, කහ කොකෝවා,ගම්මිරිස්,කෝපි, කරඳමුංගු, තෘණ
අවුරුදු 45 - 60 අල වර්ග, ධාන්‍ය, මිරිස්, එළවළු අන්නාසි, වැල්දොඩම්,කෙසෙල්, ගස්ලබු කුරුඳු, දෙහි,කජු, බුලත්, තෘණ

රෝපණය සිදුකරන ආකාරය

How to plant 01How to plant 02How to plant 03How to plant 04

පොල් ඉඩමේ සත්ව පාලනය කිරීමෙන් ලබාගත හැකි වාසි

  • අමතර ආදායමක් ලබාගත හැක.
  • පොල් වගාව සඳහා කාබනික පොහොර සෑපයේ.
  • උපරිම භූමි පාරිබෝජනය සිදුවේ.
  • ඒකාබද්ධ බෝග හා සත්වයන් සම්බන්ධ වන ගොවිපල පද්ධතියක් ඈතිවේ.

Animal husbandry 01Animal husbandry 02Animal husbandry 03Animal husbandry 04Animal husbandry 05