• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

ජල සැපයුම අඩාල වීමේ ප්‍රතිවිපාක

ගැහැණු මල් නිපදවිම අඩු වේ,පොල් අට්ටි වැටිම වැඩි වේ, ගෙඩියේ ප්‍රමාණය අඩු වේ, නිපදවන ගෙඩි සංඛ්‍යාව අඩු වේ, නිපදවන කොප්පරා ප්‍රමාණය අඩු වේ, පොල් අතු මැලවිම හා වැටීම සිදු වේ, අවසානයේ දී පොල් ගස / පැලය මිය යා හැක.

යහපත් කළමනාකරයක් යටතේ වර්ෂා ජලය මඟින් වුවද පොල් අක්කරයකින් වර්ෂයකට ගෙඩි 4500 - 8000 දක්වා ලබාගැනීමේ හැකියාව පවතී, නිසිලෙස ජලය සම්පාදනය නොකිරීමෙන් පොල් වගාවෙන් 90% ක් වර්ෂයකට ගෙඩි 80 ක ඉලක්කය සපුරාගැනීමට අසමත් වෙයි, ඉඩෝරය හේතුවෙන් වර්ෂයකට ගෙඩි 80 - 120 පමණ නිෂ්පාදනය කරන පොල් ගසක අස්වැන්න වර්ෂයකට ගෙඩි 40 දක්වා අඩු විය හැක, ඉඩොර කාලයේදී ජලය සම්පාදනය කිරිමෙන් පොල් ගසකින් වසරකට ගෙඩි 100 - 140 දක්වා ඉහළ අස්වැන්නක් ලබාගත හැක, පොහොර යෙදීම, ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු, යහපත් කළමනාකරණය යනාදි ක්‍රමෝපායන් සමඟ ජල සම්පාදනය සිදු කිරිමෙන් ඉහළ ඵලදායීතාවයක් ලැබිය හැකිය

වාරි පද්ධතියේ ස්ථාපනය මිල අධික වන අතර, සමහර විද්‍යාත්මක දැනුම අවශ්‍යය වේ. එය පවා (භූගත, තරමෙන්, ගංගා යටතේ ප්‍රමානවත්) නියගය හේතුවෙන් වාරි ජලය අඛණ්ඩව සැපයීම කිරීමට අත්‍යාවශ්‍ය වේ. තවද, වාරිමාර්ග අදාළ පොහොර / ශෂ්ය විද්‍යාත්මක / කළමනාකරණ පිළිවෙත් ඇතුළු සම්පූර්ණ පැකේජය ක්‍රියාත්මක කළ යුතු ය.