Preaload Image

පොල් පලිබෝධ හා රෝග

රතු කුරුමිණි පාලනය

වයස අවුරුදු 04 ත් 15 ත් අතර නොමේරූ පැළගස් රතු කුරුමිණි උවදුරට ලක්වීමේ නැඹුරුතාවය ඉතා ඉහළ ය. රතු කුරුමිණි උවදුර පිළිබදව කල්තබා හඳුනා ගැනීම සඳහා අවම වශයෙන් සතියකට වරක් ඉහත වයස් කාණ්ඩයේ පොල්ගස් පරීක්ෂා කිරීමට පොල් වගාකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. රතු කුරුමිණි ගැහැණු සතුන් නොමේරූ ගස් මත ඇති නැවුම් තුවාල (සීරීම් වැනි දෑ) මත පමණක් බිත්තර දමති. එබැවින්, ගස්වල ඇතිවන එවන් නැවුම් තුවාලවලට දියතාර හෝ එන්ජින් දැවි තෙල් ආලේප කළ යුතුය.
වැළැක්වීමේ ක්‍රම
අවම වශයෙන් සතියකයට වරක්වත් සෑම ගසක්ම හොඳින් පරීක්ෂා කරන්න. ගසේ වියළි අතු හා අනෙකුත් වියළි දෑ ඉවත් කරමින් ගසේ මුදුන (කරටිය) හා කඳ මනාව පිරිසිදු කරන්න. මෙමගින් පලිබෝධ හානි හඳුනා ගැනීම පහසුකමක් සැළසේ. ගසේ ඇති වන නැවුම් තුවාලවලට, කඳට හා පොල් අතුවලට දියතාර හෝ එන්ජින් දැවි තෙල් ආලේප කළ යුතුය. යථා තත්වයට පත් කළ නොහැකි අයුරින් දැඩි ලෙස හානියට පත්වූ ගස් කපා, කැබලි කර පුළුස්සා දැමිය යුතුය.
පාලන ක්‍රම
අදාල නිර්දේශිත කෘමිනාශකය වන මොනොක්‍රොටොෆොස් 60%ක් එක් ගසකට මිලි ලීටර් 40 බැගින් යෙදීම.
භාවිතා කරන ක්‍රමය
පූර්‍ණ වශයෙන් වර්ධනය වී ඇති පොල් ගසේ කඳට එන්නත් කිරීම
කද වේලි නොමැති ගස් සදහා ජලය සමග මිශ්‍රකර ගොබයට වත්කිරීම
ගසේ මුල් මගින්ද කෘමිනාශක උරාගැනීමට සැලැස්විය හැක

Coconut Red Weevil Life Cycle
Coconut Red Weevil Life Cycle

පැරමෝන උගුල් භාවිතා කරමින් රතු කුරුමිණි ගහනය අඩු කිරීම

අක්කර 5කට වැඩි වපසරියකින් යුත් පොල් වතු සඳහා නිර්දේශිතයි.මයිටා හානිය හා පාලනය යම් ප්‍රදේශයක මයිටා ගහණයවීම (ව්‍යාප්ත වීම) පොල් ගස් කිහිපයකට පමණකින් පමණක් වාර්තා වී නම්, එකී හානියට ලක්ව ඇති සියළුම පොල් වලු කපා පුළුස්සා දමන්න . පාම් ඔයිල්/එළවළු තෙල් හා ගෙන්දගම් මිශ්‍රණය ආලේප කරන්න

පහත සඳහන් මිශ්‍රණය විකිරණය කරන ලද “නැපිසැක් දියර ඉසිනයක්” ආධාරයෙන් හානියට ලක්වූ වූ පොල් ගස්වල කරටියට (මුදුනට) ඉසිය යුතුය. විකිරණය කරන ලද දියර ඉසිනයක් අවශ්‍ය ප්‍රමාණයට දිගකින් යුත් උණ බම්බුවකට සවි කරන ලද විස්තෘත ප්‍රතිදාන නලයක් (දිග බටයක් මගින්) පොළවේ සිටද ක්‍රියාත්මක කළ හැක. මෙම දියර ඉසිනයෙන් මිනිසුන් දෙදෙනෙකුට අඩි 40 පමණ උසක් දක්වා ඉසීම සිදු කළ හැක.



පාම්/එළවළු තෙල් හා සල්ෆර් මිශ්‍රණය
පාම් ඔයිල් මි.ලී 200 (අඩුකෝප්ප 1යි)
ජලය මි.ලී 800 (අඩුකෝප්ප 4යි)
සබන් කුඩු ග්‍රෑම් 12 (මේස හැඳි 1යි)
ජලයේ දියවන ගෙන්දගම්ගෙ ග්‍රෑම් 5 (මේස හැඳි 2යි)
මෙම මිශ්‍රණය මාස හයකට වරක් යෙදීමෙන් පලිබෝධ හානිය 90%කින් අඩු වේ.
Coconut Red Weevil Life Cycle
Coconut Red Weevil Life Cycle

කළු කුරුමිණි පාලනය

පොල් පැළ නැවත සිටුවීමෙන් පසු කළු කුරුමිණි උවදුරට භාජනය වීමට ඉ‍ඩකඩ ඇත. කළු කුරුමිණියන් බෝවන ස්ථාන විනාශ කොට පොල් වතුවල පවිත්‍රතාවය පවත්වා ගන්නා මෙන් පොල් වගාකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. කළු කුරුමිණි ගහණය අධි ප්‍රදේශවල පොල් ‍පැළ සතියකට වරක්වත් පරීක්ෂාවට ලක් කළ යුතුය.
කළු කුරුමිණි උවදුර කළමනාකරණය කිරීමේ ක්‍රම:
යාන්ත්‍රික ක්‍රමය
මෙහිදී, තියුණු උලකින් යුත් ලෝහ කොක්කක් ආධාරයෙන් කුරුමිණියා ඉවත් කරන අතර, හානියට පත් ස්ථානයට දිය තාර හෝ දැවි තෙල් ආලේප කිරීම සිදු කරයි.
බෝග සනීපාරක්ෂාව
දිරාපත්කුණුරොඩු, පොල් කඳන් සහ පොල් මුල් ඉවත් කොට පුළුස්සා දැමීම.
පොහොර යොදු ඇති කවයේ ඇති වසුන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කර, පරණ වසුන් වෙනුවට අළුත් ද්‍රව්‍ය යොදා වසුන් සැකසීම යොදන්න.
රසායනික ක්‍රම
පොල් ගොබය අවට කොටසෙහි පොල් අත්ත සහ කඳේ කක්ෂය වටා තාර හෝ එන්ජින් දැවිතෙල් තවරා කුරුමිණියන්ට ප්‍රසන්න නොවන පිළිකුල් පරිසරයක් ඇති කරන්න.
කරටියට සමීපව ඇති පොල් අතු හා කඳ අතර කලාපය වටා නැප්තලීන් බෝල (කපුරු බෝල) රඳවන්න
කෘමි නාශක භාවිතා කරන්න;

Black Beetle
Black Beetle

පොල් දළඹුවා සහ එය පාලනය කිරීම

පොල් දළඹු හානිය එය වසංගත මට්ටමට ළඟාවීමට පෙර කලින්ම එය හඳුනා ගත හඳුනා ගත යුතුය. පොලි වගාකරුවන්ට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, එකී හානිය නිවැරදි කර ගැනීමට අවශ්‍ය පිළියම් යොදන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබේ. ඔබට මේ පිලීබඳව අවශ්‍ය උපදෙස්ලබා ගැනීමට ඔබ ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළධාරියා හමුවන්න.

  • මෙම හානියේ පැතිරීමේ මට්ටම අඩුනම්, (උදා:- පොල්ගස් 30කට අඩු ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇති තත්වයක්) හානියට පත් පොල්අතු 5-6ක් කපා, කැබලි කර පුළුස්සා දමන්න
  • පොල්ගස් විශාල ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්නම්, පලිබෝධ ගහණය පිළිබඳව ඇගයීමක් කිරීම සඳහා ඔබ ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළධාරියා හමුවන්න.
  • ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළධාරියා මගින් එවන් ප්‍රදේශවලට නිදහස් කිරීම සඳහා, පොල් පර්යේෂනායතනයේ රසායනාගාරවල අභිජනනය කරන ලද පරපෝෂිත කෘමීන් පොල් පර්යේෂණ ආයතනය සතුව ඇත.

Black Beetle Life Cycle
Black Beetle Life Cycle

වේයන්ගෙන් සිදුවන හානිය හා එය පාලනය කිරීම

මැටි පස් සහ මැටි ලෝම පස් පවතින ඉඩම්වල පොල් පැළවලට වේයන්ගෙන් සිදුවන හානිය අධිකය. පොල්පැළවලට වේයන්ගෙන් සිදුවන හානිය පාලනය කිරීමට රසායනික ප්‍රතිකර්ම අනුගමනය කරන ලෙස පොල් වගාකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. මුල් හටගෙන ඇති පොල්පැළ වෙනත් තේෂත්‍රෙය් සිටුවීමට පෙර මෙම රසායනික ප්‍රතිකාරයට ලක් කළ හැක. පොලිතීන් උරවල පැළ සිටුවන ලද පැළනම්, සිටුවීමෙන් පසු පොල්පැළය වටා විසිරී යන අයුරින් පහත සඳහන් රසායනික මිශ්‍රණය යෙදිය හැක.
රසායනික පාලනය මඳක් මුල් ඇදී තිබෙන (උරයක් නොමැති) බීජ පැළ යොදා ගන්නා අවස්ථාවලදී බීජ පැළ ඉහත සඳහන් මිශ්‍රන දෙකෙන් එකක මිනිත්තු තුනක් ගිල්වා තබන්න.
භාවිතයට උපදෙස් මඳක් මුල් ඇත තිබෙන බීජ පැළ යොදා ගන්නා අවස්ථාවලදී පොල්පැළ පහත මිශ්‍රණ දෙකෙන් එකක මිනිත්තු තුනක් ගිල්වා තබන්න.

කෘමි නාශකය මාත්‍රාව ( ප්‍රමාණය)
ඉම්ඩැක්ලොප්‍රිඩ් 20% (Admire SL 200) වතුර ලිටරයකට මිලි ලීටර් 1 - 2 ක්
Black Beetle Life Cycle
Black Beetle Life Cycle

වැලිගම කොළ මැලවීමේ රෝගය (WCLWD) හා කොළ කුණුවීමේ රෝගය (CLRD) ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ පැතිරීම කළමනාකරණය කිරීම සඳහා නිර්දේශ

වර්ෂ 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත යටතේ නිකුත් කරන ලද 2008 මාර්තු 24 දින සහ අංක 1542/7 දරණ ගැසට් නිවේදනය මගින් වැලිගම කොළ මැලවීමේ රෝගය වසංගත රෝගයක් හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
දැනට මෙම රෝගය මාතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.
මෙම රෝගය අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා, රෝගයෙන් තොර කලාප සීමාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සීමා ඉම වන්නේ ගාල්ල සිට අකුරැස්ස දක්වා A-17 මාර්ගය, අකුරැස්සේ සිට කඹුරුපිටිය හරහා කිරින්ද - පුහුල්වැල්ල, කිරින්ද - පුහුල්වැල්ලේ සිට වලස්මුල්ල, වලස්මුල්ලේ සිට බෙලිඅත්ත සහ බෙලිඅත්තේ සිට තංගල්ල කලාපයයි. එමෙන්ම මෙම සීමාය ඉහත සඳහන් මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් ඇතුළටත් කිලෝමීටරයක් පිටතටත් විහිදෙයි. . මෙම සීමාඉම තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සියළුම පොල්ගස්, පැළ සහ තාල වර්ග‍යට අයත් සියළුම ගස් ඉවත් කරනු ලැබේ.
නිර්දේශ: ඉහත සඳහන් කළ රෝගය පැතිර ඇති බවට හඳුනා ගෙන ඇති ප්‍රදේශවල සිට පොල් පැළ සහ තාල වර්ගයට අයත් සියළුම ශාක වර්‍ග (විසිතුරු පැළ වර්‍ග ඇතුළුව) සහ ඒවායේ ජීව කොටස් (පුවක් සහ ලෙලි නොගැසූ පොල් හැර) පිටතට රැගෙන යාම තහනම් කර ඇත.
මාතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි බලපෑමට ලක්ව ඇති සියළුම පොල් ගස් හඳනා ගෙන ඒවා ගලවා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
*සලකුණු කර ඇති රෝගී කලාපය තුල අලුතෙන් පොල් පැල සිටුවීම දඩුවම් ලැබියහැකි වරදක් වේ.

Black Beetle Life Cycle
Black Beetle Life Cycle
Black Beetle Life Cycle

ප්ලෙසිස්පා කුරුමීණි උවදුර පාලනය කිරීම

පොල් වගා කරන ප්‍රදේශවල පොල් බීජ පැළවලට ප්ලෙසිස්පා කුරුමිණි උවදුර නිසා හානි සිදු වේ. පොල් පැළ පොල් වගාකරුවන්ගේ පරීක්ෂාවට භාජනය කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, පහත සඳහන් කෘමි නාශකවලින් එකක් නියම කර ඇති ප්‍රමාණ අනුව ඉසින්න.
පහත සඳහන් කෘමි නාශකවලින් එකක් නියම කර ඇති ප්‍රමාණ අනුව ඉසින්න.
කාබොසල්ෆාන් 20 SC මිලි ලීටර් 03ක් වතුර මිලි ලීටර් 01 කට

Black Beetle Life Cycle

පොල් ගසේ කඳෙන් දියර ගැලීමේ රෝගය හා එය මර්දනය කිරීම

නිරෝගී පටක මතුවන තෙක් රෝගය නිසා හානි සිදු වූ පටක පිහියකින් ඉවත් කොට, එකී තුවාලය මත වෙළෙඳ පොලෙන් මිලදී ගත හැකි බෝඩෝක්ස් මිශ්‍රණය (Bordeaux mixture) හෝ 1% ක් තඹ අඩංගු දිලීර නාශකයක් ආලේප කළ යුතු ය.



බෝඩෝක්ස් මිශ්‍රණය
පල්මානික්කම් ග්‍රෑම් 200
අළු හුණු ග්‍රෑම් 200
ජලය ලීටර් 25

කොළ පුල්ලී රෝගය සහ එය මර්දනය කිරීම

මෙම රෝගය හට ගත්තේ පොහොර නොයෙදූ ඉඩමක නම්, නිවැරදි පොහොර මිශ්‍රණය යොදන්න
රෝගය හට ගත්තේ පොහොර යෙදූ ඉඩමක නම්, පසෙහි තෙතමනය ඇති විටෙක, මාස 6කට වරක් මියුරියේට් ඔෆ් පොටෑෂ් අමතර ප්‍රමාණයක් (මාත්‍රාවක්) යොදන්න.

පොල් පැළ/පැළ ගස් පොල් ගස්
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% න20) 250g 500g
අළු ( කුස්සියෙන් ඉවත දමන ලද) 5kg 10 Kg
ඉහත ප්‍රතිකාරයෙන් රෝගයට පිළියම් නොලැබුණේනම්, බෝඩොක්ස් මිශ්‍රණය හෝ වෙළඳපොළින් මිළදී ගත හැකි ඔනෑම වර්ගයක තඹ අඩංගු දිලීර නාශකයක් භාවිතා කළ හැක.