අපගේ ආයතනය

කපිල යකන්දාවල
සභාපති - පොල් වගාකිරීමේ මණ්ඩලය
කපිල යකන්දාවල මහතා වර්ථමානයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින, පොල් වගාකිරීමේ මණ්ඩලයේ හා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩලයේ සභාපති ධූර හොබවයි.
තවද, පොල් පර්යේෂන ආයතනය , පොල් සංවර්ධන අධිකාරිය හා තේ රබර් පොල් ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලය යන ආයතන වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. මීට අමතරව වැවිලි කර්මාන්ත, ආයෝජන ප්‍රවර්ධන, රාජ්‍ය පරිපාලන කළමනාකරණ යන අමාත්‍යාංශ යටතේ ප්‍රධාන පෙලේ තනතුරු රැසක්ද හෙබවීය.

ජේ.ඒ රන්ජිත්
ගරු ලේකම් - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය





ජේ. ඒ. රංජිත් මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයා ලෙස කටයුතු කරයි.ඒ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු හා තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙසද කටයුතු කළේය.එමෙන්ම අකුරැස්ස, ඇඹිලිපිටිය ,ගොඩකවෙල හා කහවත්ත යන ප්රාදේශිකයන්හී පරිපාලන නිලධාරි ලෙසද ජේ.ඒ. රංජිත් මහතා කටයුතු කර ඇත.

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය
අධිනීතිඥ නවින් දිසානායක





ගරු. නවින් දිසානායක මැතිතුමා වර්තමාන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් වීමට පෙර ඔහු සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයද , වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධුරයද, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයද ඉසිලීය.


සාමාන්‍යාධිකාරී
ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා
ප්රවෘත්ති
අප්‍රේල් 23, 2018