Preaload Image

අපගේ දැක්ම

ලෝකයේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පොල් නිෂ්පාදකයා බවට පත් වීම.

අපගේ මෙහෙවර

කාර්යක්ෂම සහ ඵලදායී ව්‍යප්ති සේවා හා සංවර්ධන ආධාර මගින් පොල් ඉඩම් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම මගින් දේශීය හා අපනයන ඉල්ලුම සපුරාලීම සඳහා ස්වයංපෝෂිත මට්ටමට ලඟාවීම.

අපගේ අරමුණු

  • තාක්ෂණික දැනුම බෙදා හැරීම, පොල් ඉඩම් ප්‍රරමාණය හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ ශ්‍රි ලංකාවේ පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී අයුරින් පොල් වගාකරුවන් අතර පොල් වගාව ප්‍රචලිත කිරිම.
  • පොල් ඉඩම්වල අතුරු භෝග සහ සත්ත්ව පාලනය හරහා පොල් ඉඩම් වල ඵලදායීතාව සහ ආදායම් උත්පාදනය වැඩි කිරීම.
  • වසර 2020 වන විට දළ ජාතික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3650 ක් දක්වා ඉහළ නැංවීම.
  • දළ දේශීය පරිභෝජනය, දේශීය කර්මාන්ත අවශ්‍යතා සහ පොල් අපනයන ඉල්ලුම සපුරාලීම සඳහා පොල් ගස් ගහනය ඉහළ නැංවීමට.
  • සුළු පරිමාණ පොල් වගාකරුවන් ඉලක්ක කරගනිමින්, කුඩා හා මධ්‍ය පරිමාණ පොල් ආශ්‍රිත කර්මාන්ත පිහිටුවීම මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා ප්‍රජා මූලික මූල්‍ය සමිති උත්පාදනය වෙත යොමු වීම.
  • පොල් වගා කිරීමේ මණ්ඩලයේ ආදර්ශ ගෙවතු නවීකරණය හා ලාභදායී ආකාරයට එය හසුරුවාලීම.